Saturday, February 18, 2012

Arthroscopic Knee Surgery

දැන් කට්ටිය බලනව ඇති මොකද්ද බොලේ මේ කියන්නෙ කියල නේද?... 

මේකයි මම කෙලින්ම කාරණාවට බහින්නම්කෝ...

තව නොබෝ දිනකින් මමත් ඔය කියන පරීක්ෂණයට මුහුණ දෙනවා.  
මුලින් නම් හිතේ කිසිම භයක් තිබුනෙ නෑ.ඒත් ඉතිං මම මෝඩයිනේ.
වැඩියෙන් දැනගෙනම මේ පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනි කියල හිතල මම මේ පහළ තියන Video 1 ආසවෙන් බලන්න හිතාගෙන වාඩි වුනා.
හපොයි දෙයියනේ...මට හිතුන දේවල් ගැන කියල වැඩක් නෑ.

ඔයාලත් මේ Video 1 බලලා ඉන්නකෝ එහෙනම්.



මොකද හිතෙන්නෙ දැන් කට්ටියට....
 
මම ඔයාලට තව  Video 1 ක් දාන්නම් හිතේ හැටියට රස විදින්න.මේකත් බලන්නකෝ...


ඔන්න ඉතිං මමත් ‍ඔය විදියට තමයි ඔය කියන පරීක්ෂණයට මුහුණ දෙන්න ඉන්නේ.. 
අනේ කලින් නම් මම කිසිම භයක් නැතිව ඔය කියන පරීක්ෂණයට යන්න හිටියේ.ඒත් දැන්නම් ඉන්නේ ... අනේ ඒ ගැන මම ඉතිං ඔයාලට කියන්න යන්නේ නෑ...

මම මනේ ඉතිං කකුල කඩා ගත්තෙත්. 

Doctor Uncle නම් කිව්වෙ ඉතිං මේ පුංචි Camera 1ක් දාල බලනව කියල විතරයි.
මම ඉතිං ඔය කථාව මගේ මේ අතිජාත මිත්තරයට, ඒ කිව්වෙ මගේ  Blog  ගුරුතුමාට කිව්වම මේ මෝඩ පැ‍ටිය අහනවා "අනේ ශෂියෝ එතකොට Camera 1 දාන්නෙ කටින්ද කියලා".  
"අනේ ඉතිං මගේ කට කියල හිතල මම කිව්ව, නෑ අනේ කටින් නෙවෙයි කකුල ටිකක් කපල Camera 1 දාන්නෙ කියලා"   

 
හ්ම්...මොනවා කරන්නද ඉතිං... මගෙම ගොන් වැඩ නිසානේ මට මෙහෙම වුනේ කියල දැන් ඉතිං මේ විසි දෙවෙනි දා ඒ කියන්නෙ මේ බදාදා පේරාදෙණිය මහ ඉස්පිරිතාලෙට ගාටන්න බලාගෙන අඩ අඩා ඉන්නවා.  

 එහෙනම් මම ඉස්පිරිතාලෙට ගිහින් පොඩ්ඩක් බලල ඇවිත් මගේ මේ කකුලට වුන ඇබැද්දිය කස්ටියට කියන්නම්කෝ....

කස්ටියටම Good Bye!  එහෙනම්....

Wednesday, January 4, 2012

නොයන්නේ කිමද .....


ටිකෙන් ටික නුඹ මගෙන් දුරස් වී
බිදෙන් බිද නුඹ ඇයටම ළං වී
හිදින්නේ කිමද මටම සෙනෙහෙ වී
නොයන්නේ කිමද මගෙන් දුරස් වී ......

Saturday, December 17, 2011

නුඹේ සුවද....


 පිච්ච මලේ සුවද අරන් - නුඹේ උවන දොවන්නම්
සේපාලිකා මල් සුවදින් - නුඹේ කොපුල් තෙමන්නම්
නුඹේ හුස්මෙ සුවද අරන් - මගේ දිවිය විදින්නම්
මගේ හුස්මෙ සුවද අරන් - නුඹේ දෙතොල් තෙමන්නම්....

Friday, December 16, 2011

ආයුබෝවන්...

ආයුබෝවන් සැමටම
අවසරයි මට කියන්නට
නු‍‍ඹේ සිත නිවන්නට 
නැත්නම්..... 
යන්තම් හෝ නිවෙන්නට
වදනක්,වදන් පෙළක්..
නැත්නම් ඊට වැඩි යමක්
කියන්නම් ඉඩ ලද විගස...
එන්න ගොඩවදින්න..
විකසිත සිතුවිල්ලක හැඩ බලන්න...
කියන්නම් නැවත
ආයුබෝවන් සැමට....

*********